විදෙස්

ඊශ්‍රායලයෙන් අල් ෂිෆා රෝහලට බරපතළ දැනුම්දීමක්

ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්‍ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන ලෙස ඊශ්‍රායල බලධාරින් දැනුම්දී ඇති බව අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා තිබෙන බව අල් ජසීරා පුවත් ඒකකය නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත් අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ, පැයක් ඇතුළත සියලු දෙනාට ඉවත් වීම සිදු කළ නොහැක්කක් බවයි.

මේ අතර, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්වනවා.

ඉන් වැඩි පිරිසක් ළමුන් බවයි වාර්තාවන්නේ.

මේ අතර ගාසා තීරයේ පිහිටි විශාලතම රෝහලවන අල් ෂිෆා රෝහල වෙත ඉන්ධන ඇතුළු සැපයුම් නතර වීම හේතුවෙන් මේ වන විට රෝගීන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසනවා.

ඒ අතර, නව ජන්ම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා බිළිඳුන් තිදෙනෙකුද වන බවයි වාර්තාවන්නේ.

හමාස් සංවිධානය විසින් සිය මධ්‍යස්ථානයක් අදාළ රෝහලේ පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් ඊශ්‍රායල හමුදා විසින් එම රෝහල් පරිශ්‍රයට පසුගියදා ඇතුළුවූ අතර, මේ වන විට අඛණ්ඩව තෙවැනි දිනටත් ඔවුන් එහි සෝදිසි මෙහෙයුම් සිදු කරන බව සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button