දේශීය

මිදිගමත් වෙඩි තැබීමක්

මිදිගම, ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 38 හැවිරිදි කැලුම් චතුරංග නැමති මාළු වෙළෙන්ඳෙක්.

මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ක්‍රියාවක් බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මාළු ලබාගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද වෙඩි වැදි තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button