දේශීය

දකුණේ වෙඩිතැබීමක්

ඇල්පිටිය, පතිරාජ මාවතේ අද (26) නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ, 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වන දීපල් රොෂාන් කුමාර නැමැති පුද්ගලයා​ එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

එමෙන්ම, මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර 9ක ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේවෙතත් පොලිසිය සඳහන් කළේ, මෙම වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button