රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 08 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.
මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහල උඩදෙනිය ප්‍රදේශයේදී ඊයේ (04) අලුයම ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැනීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
අනතුරෙන් ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී ගොස් තිබූ අතර එහි රියදුරු, පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් සහ ඇයගේ පිරිමි දරුවා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව අනතුරට ලක්වූවන්ගෙන් කුඩා දරුවා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 08 හැවිරිදි දංපතිගම බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්.
අනතුරෙන් බරපතළ තුවාල ලද කාන්තාව තංගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ත්‍රීරෝද රථයේ රියදුරා ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටවගොස් පොලීසියට භාරවී තිබෙනවා.
දික්වැල්ල පොලීසිය පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවයි. .