දේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්

කුමන කරුණක් සිදුවුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවන ලෙස ඊට අයත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියා.

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පරමාධිපත්‍ය සුරැකීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැමවිට සලකන බව එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේදී කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, එල්ලකර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා අපක්ෂපාතී , ස්වාධීන පුද්ගලයින් පත්කර අදාළ චෝදනාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකළ යුතු බවයි.

එම චෝදනා සත්‍ය වුවහොත් ඉන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු වන බව, එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මෙම චෝදනා අසත්‍ය බවට ඔප්පු වුවහොත් එය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට යටතේ අපරාධ චෝදනා වලට ලක්විය යුතු බවද එහි දැක්වෙන බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button