දේශීය
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිත නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
එම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට යොදා ඇති අතර මධ්‍යස්ථාන 341කදී පැවැත්වෙන බව සඳහන්.
පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදුකරනු ලැබෙනවා.
ඉන්පසු ඇති වන පුරප්පාඩු සඳහා පළාත් සභා මගින් වාර්ෂිකව උපාධිධාරීන් පළාත් පදනමින් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.