දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට විශේෂ කමිටුවක්
මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණ සොයා බලා, එහි වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා කළා.
ශ්‍රී ලංකා පොලිසිය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, කමිටුව හමුවට කැදවා තිබූ අතර ,එහිදී රට තුළ පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කරනු ලැබුවා.
ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් සඳහන් කළේ, මහා පරිමාණයෙන් රට තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම නැවැත්වීමට පියවර රැසක් ගෙන ඇති බවයි.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ,මෙම ප්‍රයත්නයන් සඳහා අසල්වැසි රටවල බුද්ධි අංශද සහය දක්වන බවයි.
මෙහිදී, දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා ගත හැකි යෝජනා කිහිපයක් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නියෝජනය කරන නිලධාරීන් කමිටුවට ඉදිරිපත් කළා.
තවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා .