දේශීය

නුවරඑළියට යන රියැදුරන්ට විශේෂ දැනුම්දීම​ක්

නුවරඑළිය ප්‍රදේශයට මේ දිනවල පතිත වන පොද වැස්ස​ හේතුවෙ​න් රියදුරන්ට ප්‍රවේශම්කාරීව කටයුතු කරන ලෙස නුවරඑළිය බූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහ​තා ඉල්ලා සිටිනවා.

​ඔහු පවසන්නේ, පවතින වර්ෂාව හේතුවෙ​න් අධික ලෙස ඝණ මීදුම් තත්ත්වයක් පවතින බැවින් ඉදිරියෙන් එන වාහන නොපෙනීමේ තත්වයක් හා පෝනින් මාර්ගයට පැනීමෙන් වාහන අනතුරු බහුලව සිදුවීමෙන් ඒ​වා වළක්වා ගන්නා ලෙසට දැනුම්දෙන බවයි.

නුවරඑළිය නගර සීමාව , හාවාඑළිය බොරලන්ද උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය , නානුඔය තලවා කැලේ හැටන් ප්‍රධාන මාර්ගය , නානුඔය රැදැල්ල කෙටි මාර්ගය , නුවරඑළි මේ පිළිමාන පට්ටිපොළ ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි මෙම ඝන මීදුම් තත්ත්වය හා ඕනින් මාර්ගයට පැනීමේ අවදානම් තත්ත්වය පවතින බැවින් මෙම මාර්ගයන්හි වාහන යෙදවීමේදී ඉතාමත්ම අඩු වේගයකින් හා සැලකිලිමත්ව වාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙසද නුවරඑළිය පොලිසිය රියතුරන්ට දන්වා සිටිනවා.

තවද ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනීමේ තත්වයක් පවතින බැවින් සෑම වාහනයකම ආලෝක සංඥා විදුලි පහන දල්වාගෙන යෑමට කටයුතු කරන ලෙසත් රියදුරන්ගෙ​න් නුවරඑළිය රථවාහන පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button