කොළඹ -බදුල්ල පාරේ ගමන් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්
මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන් නායයෑම් අධි අවදානම් හා මාධ්‍ය අවදානම් කලාපවල වෙසෙන ප්‍රජාව නිවාස පරිශ්‍රයේ හා නිවාස අවට මතුපිට ජල වහන පද්ධතිය අවිධිමත් නිවාස හිමියන් වෙනත් අවදානම් කලාප වල නිවාස ඉදිකර ඇති නිවාස හිමියන්ට මෙසේ විමසිල්ලෙන් සිටිය යුතු බවයි ඒ මහතා පවසන්නේ.
නම් කර ඇති නාය යාම් අධි අවධානම් කලාප වල සිටින පිරිස් වර්ෂාව අධික අවස්ථාවලදී පරිසරය පිළිබඳව අවබෝධයෙන් සිටිමින් තමන්ට ආසන්න සුරක්ෂිත මධ්‍යස්ථානය හඳුනාගෙන සිටින ලෙසත් හදිසි අවස්ථාවලදී ඉවත්ව යාමට සිදුවුවහොත් දී ඇති උපදෙස් අනුව ආපදා මල්ල සූදානම් කර ගන්නා ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවාස පරිශ්‍ර තුළ නිවාස අවට කානු පද්ධති තුළ බාධක අවහිරතා සොයා බලා ඒවා ඉවත් කරගන්නා ලෙසද නීත්‍යානුකූල ක්‍රම මගින් අවදානම් ගස් ඉවත් කර ගන්නා ලෙසද එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
තම නිවාස ආසන්නයේ හෝ නිවාස වෙත යොමු වූ ගල් පර්වත හෝ පස් කඳු පවතී නම් නිරතුරු අධීක්ෂණයෙන් සිටිය යුතු බවද හානිවීමට ඉඩකඩ ඇති කාමරවල රාත්‍රි කාලයේ නිදා ගැනීමෙන් වළකින ලෙසද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා එම වැසියන්ට දැනුම් දෙනවා.