Gmail ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මහ පරිමාණයේ යාවත්කාලීන ක්‍රියාවලියක පියවරක් ලෙස ලබන මාසයේදී Gmail ගිණුම් මිලියන ගණනාවක දත්ත මකා දැමීමට සිදුවන බවට ගූගල් සමාගම අනතුරු අඟවා ඇති බව එංගලන්තයේදි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කරනවා.
මෙම ප්‍රධාන යාවත්කාලීන ක්‍රියාවලිය යටතේ අවම වශයෙන් වසර දෙකක්වත් අක්‍රීය මට්ටමක පවතින සියලු විද්‍යුත් තැපෑල, ලේඛන, වාර්තා සටහන්, දින දර්ශන, ඡායාරූප සහ වීඩියෝ සියල්ල ස්ථීරවම මකා දමමින් පිරිසිදු කිරීමට තීරණය කර ඇති බැවින් සියලු පෞද්ගලික ගූගල් ගිණුම්වලට එය බලපානු ඇති බවයි වාර්තාවන්නේ.
මේ වසරේ මුල් භාගයේදී ගූගල් සමාගම සිය ප්‍රතිපත්තිය පරිශීලකයන්ට හඳුන්වාදී තිබූ අතර, අංග සම්පූර්ණ යාවත්කාලීන ක්‍රියාවලිය ලබන දෙසැම්බරයේදී සිදුවනු ඇති බව සඳහන්.
මෙමගින් ගූගල් පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු රඳවා තබා ගන්නා කාල සීමාව සීමා කෙරන බවයි වාර්තාවන්නේ.
කෙසේවෙතත් මෙහි අරමුණවී ඇත්තේ ගූගල් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීම සහ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම වැනි ආරක්ෂ තර්ජනවලින් සිය පරිශීලකයන් මුදා ඔවුන් ආරක්ෂා කිරීමට බවත් වැඩිදුරටත් වාර්තාවනවා.
කෙසේවුවද මකා දැමීමේ අවදානමක් ඇති ඕනෑම ගිණුමක් කිසිදු ක්‍රියාමාර්ගයකට පෙර පූර්ව දැනුම්දීමක් පොදුවේ සිදු කිරීමට නියමිතව ඇති අතර, දැනටමත් එසේ දැනුම්දීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.