ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා ලෙස ලාංකිකයෙක් පත් කරයි
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වැනි ප්‍රධානියා ලෙස තාරකා භෞතික විද්‍යාඥයකු වන රේ ජයවර්ධන මහතා පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර රේ ජයවර්ධන මහතා අමෙරිකාවේ කෝර්නල් විශ්වවිද්‍යාලයේ කලා හා විද්‍යා විද්‍යාලයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
විද්‍යාඥයකු සහ සම්මානලාභී ලේඛකයකු වන රේ ජයවර්ධන මහතා නව සොයාගැනීම් සඳහා උද්යෝගීමත්ව කටයුතු කළ දූර්දර්ශී නායකයකු බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සභාපති රොන් ඩැනියෙල්ස් හොප්කින්ස් විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මීළඟ ප්‍රධානියා ලෙස සේවය කිරීමට සුදුසුම පුද්ගලයා රේ ජයවර්ධන මහතා බවයි.
ඒ අනුව ඉහළ තනතුරකට පත් වූ ගෞරවනීය ලාංකිකයන් අතරට රේ ජයවර්ධන මහතා ඉතිහාසයට එක්වෙනවා