දේශීය

ඖෂධ සම්බන්දයෙන් සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඖෂධ ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර කාලයක් ගතවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මේ වන විට ගත වන කාලය මාස 3ත් 4ත් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවය.

විනිවිඳභාවය වඩාත් සුරක්ෂිත කරමින් රෝගීන්ට හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ බව යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් හමුවු අවස්ථාවේ දී අමාත්‍යවරයා සඳහන් කළා.

රට තුළ පැවති ඖෂධ හිඟය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පෙන්වාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ එහි වඩාත් සාර්ථක බවක් ඇතිවිය හැකි බවය.

එමෙන්ම හිඟව පවතින ඖෂධ කඩිනමින් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදි වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ අතර රජයේ මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය වන විට අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button