දේශීය

මුහුදුබ​ඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර මීට සුළු මොහොතකට පෙර කාර්මික දෝෂයට ලක් වීම හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පවසනවා.

මරදානේ සිට මොරටුව බලා ධාවනය වෙමින් පැවැති දුම්රියක් අද (26) පස්වරුවේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබුණා.

ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව​යි දැනුම්දෙන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට සිදුව ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button