දේශීය

කොට්ටාවේදී වෑන් රථයක් ගිනි අරන්

කොට්ටාව – මහරගම පරණ පාරේ කොට්ටාව ආසන්නයේදී අද (26) වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

අදාළ වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගිනි ගැනීම සිදු වී ඇති බවටයි වාර්තා වුණේ.

බොරැල්ල දෙස සිට කොට්ටාව දෙසට 174 බස් මාර්ගය ඔස්සේ ධාවනය වූ මෙම වෑන් රථයේ එක්වරම ගින්නක් හටගෙන  ඇති අතර රියැදුරු වාහනය මාර්ගය අසල නවතා බැස ගොස් තිබෙනවා.

ගින්න වන අවස්ථාවේ වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු නිරුපද්‍රිතව දිවි බේරාගෙන තිබෙන අතර කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව  පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button