දේශීය

මැතිවරණ සටනින් දේශපාලකයින් 50ක් පමණ ඉවතට

ජාතික තලයේ දේශපාලනඥයින් විශාල පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන පළමු අවස්ථාව මෙය බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් මෙවර මැතිවරණය තීරණාත්මක බවයි.

ක්‍රියාකාරී දේශපාලනඥයින් 50කට අධික සංඛ්‍යාවක් මෙවර මැතිවරණ සටනින් ඉවත්ව ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button