දේශීය
රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/12/suminda-.jpg)
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
මියයන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා.
සුමින්ද සිරිසේන මහතා වේදිකාවෙන් ටෙලි නාට්‍යයටත්, ටෙලි නාට්‍යයෙන් සිනමාවටත් පිවිසි අග්‍රගණ්‍ය කලාකරුවෙක් වන අතර වේදිකාවෙන් සිය රංගනය ආරම්භ කළ සුමින්ද සිරිසේන මහතා මනමේ, සිංහබාහු, මහාසාර ආදී වේදිකා නාට්‍ය ගණනාවකට සිය දායකත්වය සපයා තිබෙනවා.
දුහුල් මලක්, සප්ත කන්‍යා, සමනල තටු ඔහුගේ රංගනයෙන් වර්ණවත්වූ සිනමා පට අතරින් කිහිපයක්.
එමෙන්ම සිය රංගන ප්‍රතිභාව නිසාම හොදම නළුවා සහ හොදම සහය නළුවාට හිමි සම්මානය අවස්ථා රැසකදී තමන් සතු කර ගැනීමට ඔහු සමත්වුණා.