විදෙස්

ඉගෙනගන්න රට හැර යන ඇෆ්ගන් තරුණියන්

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ අධ්‍යාපනයට සීමා පැනවීම හේතුවෙන් එරට කාන්තාවන් සිය ගණනක පිරිසක් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විදෙස් ගතවී ඇති බව වාර්තා වනවා.

2021 වසරේ අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්තාන පාලනය අත් කරගත් තලෙයිබාන් සංවිධානය කාන්තාවන් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය සීමා කිරීම ඇතුළු කොන්දේසි රැසක් පැනවීම සිදු කළා.

විදෙස් ආරංචි මාර්ග පවසන්නේ  ගතවු කාලය තුළ උසස් අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණින් ඇෆ්ගනිස්තානයේ  තරුණියන් 450 දෙනෙකු පමණ රටින් පිටව ඇති බවයි.

තලෙයිබාන් පාලනයේ කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් එම තරුණියන්ට සිය රට වෙත යළි පැමිණීමට හෝ මව්පියන් ඇතුළු ඥාතීන් හමුවීමේ අවස්ථාවද මේ හරහා අහිමිවනු ඇති බව වාර්තා වෙනවා.

මේ අතර ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගෙන වසර දෙකක් සපිරීම හේතුවෙන් පසුගියදා තලෙයිබාන් සංවිධානය විසින් එරට තුළ සැමරුම් උත්සව සංවිධානය කර තිබු අතර ඒ වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button