ක්‍රීඩා

ඇෆ්ගනිස්තානය පළමු ඉනිම ලකුණු 198කට සීමා​වේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරඟයේ පළ​මු දිනය වන අද (02) සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණු නමුත් ඔවුන්ට විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නොහැකි වුණා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කළ රහ්මට් ශා ලකුණු 91ක් රැස් කළ අතර ඊට හතරේ පහර 13ක් ද ඇතුළත්.

නූර් අලි සඩ්රාන් ලකුණු 31ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අත​ර අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය අතරේ කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button