දේශීය

සටන් විරාමය අවසන්වූ පසු ගාසා දරුණු වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවැති සටන් විරාම කාලසීමාව ඊයේ(01) අවසන් වීමත් සමඟ මේවන විට ප්‍රහාර එල්ල කිරීම දෙපාර්ශවයෙන්ම සිදුවන බව වාර්තාවනවා.

විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් යළි ඇරඹීම ගාසා තීරයේ ජනතාව අතර භීතිය සහ කෝපය මිශ්‍රවී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය “නපුරු සිහිනයක්” ලෙස හඳුන්වා ඇති බවයි.

එහිඩී තාවකාලික සටන් විරාමයක් දීර්ඝ කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සටහන්කාමීන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.

සටන් විරාම කාල සීමාව අවසන්ව යළි ප්‍රහාර ආරම්භ වීමත් සමඟ මේවන විට පුද්ගලයන් 170කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් පවසා ඇත්තේ, සටන් විරාමය අවසන් වීමෙන් පසු රෆා හරස් මාර්ගය හරහා අවශ්‍ය ආධාර පැමිණීම නතරවී ඇති බවයි.

සිකුරාදා උදෑසන ඊශ්‍රායල හමුදා විසින් රිංගාගත් උතුරු ගාසා තීරයේ ප්‍රදේශවලින් දරුණු වෙඩි හඬ ඇසෙන්නටවූ අතර ඊශ්‍රායල සොල්දාදුවන් සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් ඇතිව තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදිරටත් සඳහන් කළා.

එමෙන්ම සටන් විරාමයෙන් පසු ජෙට් ප්‍රහාරක යානා සහ ඔත්තු බැලීමේ ගුවන් යානා යොදවා ඇති අතර සටන්වල ​​තත්ත්වය වඩා දරුණු ස්භාවයක් පෙනෙන්නට තිබෙන බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button