දේශීය

කෘෂි නිලධාරින්ට ජනපතිගෙන් පැසසුම්

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසමින් පැවසුවේ, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටු දැකීම බවයි.

ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා :

 “දුප්පත්කම කියන්නේ සල්ලි නැති එක විතරක් නෙවෙයි. මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන්වීම සහ බරපතල සමාජ ව්‍යසනයක් දුප්පත්කම කියන්නේ. අපේ රටේ කවුද මේක තුරන් කරන්න වැඩ කළේ. ඔයාලා මොනවද ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ..මෙච්චර කල් ඔයාලා හරියට වැඩ කරලා තිබුණා නම්, මේ වෙනකොට රටේ කිසිම මිනිහෙක් දුප්පත් වෙන්න විදිහක් නෑ.  දැන් බලන්න, මේ රටේ දුප්පත් මිනිස්සු කොච්චර නම් තවම ඉන්නවාද, වේලක් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද..රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වැඩ කරන්න ඕනා නිලධාරීන් ඔයාලා නේද… යනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා තිබෙනවා.

මින් ඉදිරියට මෙවැනි දේවල් සිදු නොවිය යුතු බවත්, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය ජනතාවගේ පහසුකම් නංවාලීම පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

“දැන් බලන්න මේ අනිත් අමාත්‍යාංශවල කාර්ය භාරයන්. සමහර ඒවා හොඳින් කෙරෙනවා, සමහර ඒවා සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. ඒක නිසා ඉදිරියට සංවර්ධන සැලසුම් දියත් කරනකොට ගමේ අහිසංක දුප්පත් ජනතාවගේ පහසුකම් ගැන අවධානය යොමු කරන්න.

දැන් මෙතන කතා වුණා නේද, මේ වැව් අමුණු හදන ව්‍යාපෘතියක් ගැන. මොකක්ද ඒකේ නම,.. කවුද ඒක කරන අය.. යනුවෙන් ජනාධිපතිවරයා විමසා සිටියා.

එල්ලංගා පද්ධති පදනම් කරගනිමින් වැව් අමුණු ආශ්‍රිතව ජනතාවගේ ජීවනෝපාය සහ සමාජ සංවර්ධනය කරන ආකාරය එහි සිටි වැව්ගම් පුබුදුව නම් ව්‍යාපෘතියේ නිලධාරියෙකු ජනාධිපතිවරයාට පැහැදිලි කළ අතර, එය ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක් වුණා.

ඒ යටතේ දැනට කර ඇති ව්‍යාපෘති සියල්ල පිළිබඳ කෙටි හැඳින්වීමක් එහි පැමිණ සිටි එම ව්‍යාපෘතියේ නිලධාරීන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විමසා ඇත්තේ, එම ව්‍යාපෘතිය ආදර්ශයට ගනිමින් සෙසු නිලධාරීන්ට ක්‍රියාත්මක විය නොහැක්කේ මන්දැයි යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button