දේශීය
කොළඹ වායු දූෂණය තවත් ඉහළට
කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් පවතින බව බව කාලගුණ අංශ පවසනවා.
ඒ අනුව කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (PM2.5) ක් ලෙස දැක්වෙනවා.
මේ අතර එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවද කාළගුණ අංශයේ බලධාරීන් පවසනවා.
කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය අයහපත් බවද කාලගුණ අංශ වැඩි දුරටත් සඳහන් කළා.