දේශීය

මද්‍යසාර නිසා දිනකට ජීවිත 40ක් අකාලයේ මිය යයි

මද්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට මිනිසුන් 40ක් පමණ අකාලයේ මිය යන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, මද්‍යසාර භාවිතය නිසා වසරකට මිනිසුන් 15000ක් පමණ මිය යන බවයි.

මද්‍යසාර වලින් ලැබෙන ආදායමට වඩා මද්‍යසාර හේතුවෙන් රටට සිදුවෙන ආර්ථික හානිය විශාල බවද අධ්‍යන වලින් පැහැදිළි වන බව පවසන එම මධ්‍යස්ථානය 2015 වසරේ සුරාබඳු ආදායම රුපියල් මිලියන 105234ක් වන විට එම වසරේ මද්‍යසාර නිසා රජයට සිදුවූ ආර්ථික හානිය රුපියල් මිලියන 119660ක් බව පවසනවා.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ, රටක සංවර්ධනයට මද්‍යසාර බාධාවක් වන අතර එය තිරසාර සංවර්ධන ඉලක්ක 17න් 14ක් සඳහාම මද්‍යසාර බාධකයක් ලෙස කටයුතු කරන බවයි.

මද්‍යසාර කිසිඳු ප්‍රමණයක් මිනිස් සිරුරට හිතකර නොවන බව විද්‍යාත්මකව සනාථ කර ඇති අතර පිළිකා, සිරෝසිස්, වකුගඩු, හෘද රෝග වැනි රෝග බොහොමයකට මද්‍යසාර භාවිතය සෘජුවම බලපාන බව තහවුරු කර ඇති බව මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, රිය අනතුරු, කාන්තා හිංසනය හා ළමා අපචාරවලටද මද්‍යසාර ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button