දේශීය

අලි සබ්‍රි රහීම්ගේ මෝටර් රථය අනතුරකට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කළා.

අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම – අලුත්ගම පදිංචිකරුවෙකු වන H.M .හර්ෂණ ප්‍රදීප් නම් පුද්ගලයෙක්.

තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අලි සබ්‍රි රහීම් මහතා පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටියදී එම දෙසටම ධාවනයවූ අත්ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී තිබුණා.

එහිදී අනතුරින් අත්ට්‍රැක්ටරය පදවා ගෙන ගිය පුද්ගලයා තුවාල ලබා ඇ​ති බව පොලීසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පැදවූ රියදුරුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button