දේශීය
ඡන්දයේ සියළු ප්‍රචාරක කටයුතු සඳුදා රැයින් අවසන්
මහ මැතිවරණයේ නිහඬ කාලය ලබන සඳුදා මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වනවා.
නිහඬ කාලය ආරම්භ වීමෙන් පසුව කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්‍රචාරක කටයුතු කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
නිහඬ කාලයේ දී ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙන්ගෙට යෑම හා පෙළපාළි පැවැත්වීම නීති විරෝධී කටයුත්තක් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.
මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1,794ක් ලැබී තිබෙනවා.
ඒ අතර අපරාධ ගණයට වැටෙන පැමිණිලි 51ක් ලැබී ඇති බව සඳහන්.