දේශීය
ත්රීරෝද රථ ගාස්තු ගැනත් දැනුම්දීමක්
ඉන්ධන මිල අඩු වුවත් ත්රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ, මාසයෙන් මාසය මිල අඩු වන විට ත්රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත්, අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.