දේශීය

පානදුරේදී ගිලන් රථ රියදුරෙකුට වෙඩි

අද (27) උදෑසන පානදුර කේතුමතී රෝහල ඉදිරිපිටදී  නාඳුනන පිරිසක් ගිලන් රථ රියදුරකුට වෙඩි තබා පළා ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබෙන අතර  ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගිලන් රථ රියදුරාට හානියක් වී නොමැති බවද පොලීසිය සඳහන් කරනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button