දේශීය

සිරකරුවන්ට පොදු සමාවක්

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 4 වනදාට බන්ධනාගාරගත ව වසරක් ගතවන්නේ නම් දින 21ක සමාවක් හිමිවන අතර, දඩ මුදල් නො ගෙවීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීමක් සිදුවන බවට වාර්තා වෙනවා.

ඊට අමතරව වසර 40ක් හෝ ඊට වැඩි සිර දඬුවමක් නියම කර හෙට දිනය වන විට එම දඬුවමින් වසර විස්සක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීමද සිදු කෙරෙනු ලබනවා.

එලෙස පොදු සමාවට සුදුසුකම් ලබන සියලු සිරකරුවන් හෙට දිනයේ දී බන්ධනාගාර වලින් නිදහස් කිරීමට කටයුතු කෙරෙන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button