දේශීය

හෙට කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

හෙට (03) පෙරවරු 08.00 සිට අනිද්දා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබෙනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මෙන් ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටද එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

එසේම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන් ම රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගැනෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button