දේශීය
අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ගැන නිවේදනයක්
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පවසන්නේ, තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.
එමෙන්ම දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමයද මෙම වැඩ වර්ජනයට එක්වන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සිය වැටුප් අඩු කිරීමට යෝජනා කර ඇති කැබිනට් පත්‍රිකාව අහෝසි කිරීමට බලකරමින් දුම්රිය සේවකයින් මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.