දේශීය

ත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණයකට නව රජය එළැඹී ඇතැයි පසුගිය දිනවල පුවත් පළ වුණා.

ජන අරගල සන්ධානයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේ නව රජය බලයට පත් වී අමාත්‍යංශවලට ආයතන ගැසට් කිරීමේදී ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණයක් ඉදිරිපත් කර තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button