දේශීය

නීතිය ශක්තිමත් කරන බවට අනුරගෙන් සහතිකයක්

ආගම් හා සංස්කෘතීන් පිළිබඳව සිදුකරන හිංසාවන් වැළැක්වීම සඳහා ශක්තිමත් නීතීන් අවශ්‍යනම් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා පවසනවා.

මහනුවර, දිගන පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා :

“ජාතික ජන බලවේගයේ අපි කිසිවිටෙක තමන් අදහන ආගම, තමන් කතාකරන භාෂාව, තමනගේ අනන්‍යතාවය සහ සංස්කෘතීන් අපේ ඡන්දෙ වේදිකාවට ගන්නේ නෑ. මේ කැත දේශපාලන සූදුව නතර කරන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අනෙකාගේ ආගම්, අනෙකාගේ සංස්කෘතීන් පිළිබඳ කරන හිංසාවන් වැළැක්වීම සඳහා දැනට තියෙන නීති ප්‍රමාණවත් නැත්නම් ශක්තිමත් නීති ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ස්ථාපිත කරනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button