දේශීය

කැලණි සරසවි සිසුවකුට පහර දීමක්

ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට නවක වදය ලබා දුන් බවට පවසමින් කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ(31) සිය දේශන අවසන් වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සඳහා විශ්ව විද්‍යාලයේ ක්‍රිඩාගාරය වෙත යමින් සිටිය දී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට පහර දුන් බව යි ඔහු පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ.

බාහිර පෙනුම සම්බන්ධයෙන් දෝෂාරෝපය කොට කොණ්ඩය හා රැවුල බූගා දමන ලෙසත්, සපත්තු නොදා පාවහන් පළදින ලෙසත් සහ අත්ඔරලෝසු නොපදිලන ලෙසත් පවසමින් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් තමන්ව විශ්වවිද්‍යාල ආපනශාලාව වෙත රැගෙන ගිය බව සඳහන් කරනවා.

පසුව ඉන් තුන්දෙනෙකු මොහුගේ මුහුණට සහ ඇගට පහර දී තිබෙන අතර එම පහරදීම සිදුවන අවස්ථාවේ සිසුන් 7 දෙනෙකු සිටි බවත් ඔවුන් නම් වශයෙන් නොදන්නා නමුත් දුටුව හොත් හඳුනාගත හැකි බවත් අදාළ සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ සිසුවා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක යි.

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සියලු සිසුන් වෙත පීඨාධිපති විසින් නවක වදය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව නවක වදයට සම්බන්ධ නොවන බවට පවසමින් සිසුන් වෙත ලිඛිතව ප්‍රතිඥාවක් ලබා දෙන ලෙසට යි දැනුම් දී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button