දේශීය

ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමක්

සිවිල් ඇඳුමින් සැරසී ගංගාරාම විහාරස්ථානය අසලට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්හට ඒ අවස්ථාවේ ඒ අසල සිටි සිවිල් වැසියන් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

පහර දීමෙන් තෙන්නකෝන් මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පහර දෙන පිරිසගෙන් බේරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් දිව යන අතර, ඉන් පසුව යි තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තබා ඇති බව යි වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button