දේශීය
ජාතික රෝහලේ සේවක ගැටුමක්
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/02/hospital-800x445-1.jpg)
ජාතික රෝහලේ සුළු සේවකයන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් රෝහල් සුළු සේවකයකු රෝහල්ගතකර තවත් රෝහල් සුළු සේවකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (2) දහවල් ජාතික රෝහල තුළදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තිය සමිති සාමාජිකයන් සහ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති සාමාජිකයන් දෙපාර්ශ්වයම ගල් මුල්වලින් පහරදීම සිදු කරගෙන ඇති අතර මෙම අවස්ථාවේදී රෝහල තුළට වෙනත් රෝහල්වල සුළු සේවකයන්ද පැමිණ ඇති බවට වාර්තා වෙනවා.
ගැටුමට හේතුවී ඇත්තේ පිටතින් පැමිණි රෝහල් සේවකයන් රෝහල් සුළු සේවිකාවන්ට පරුෂ වචනයෙන් බැණ වැදීමයි.
මෙම අවස්ථාවේදී එක් රෝහල් සුළු සේවකයකු තවත් රෝහල් සුළු සේවකයකුට හිස් වැසුමකින් පහර දී තිබෙන අතර
තුවාල ලැබූ එක් අයකු රෝහල් ගතවී අනෙක් පුද්ගලයා මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.