ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව විමර්ශනයට ස්වාධීන විමර්ශන මණ්ඩලයක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ, ඒ අනුව විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙන බවයි.
මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.
එම විමර්ශනය අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
එම විමර්ශන සලකා බලා විභාගය යළි පවත්වන්නේ ද ? නැද්ද ? යන්න අදාළ කමිටුව විසින් තීරණය කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවා.