දේශීය

විමල්ගෙන් අතුරු පෙත්සමක්

“ජනාධිපතිවරණය කල්දමන්න” නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතුරු පෙත්සමක් ගොනුකර තිබෙනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම බව එහි සඳහන් වනවා.

එය ඇතුළු තවත් කරුණු සඳහන් කරමින් විමල් වීරවංශ මහ​තා විසින් මෙම අතුරු පෙත්සම ගොනුකර තිබෙනවා.  

ජනාධිපතිවරණය කල් දැමීමේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා විමල් වීරවංශ මහතා වෙනුවෙන් නීතිඥ නිශාන් ප්‍රමිතිරත්න, නීතිඥ ගමිදු කරුණාසේන, ෂෙනාලි ඩයස්, නිමාෂි ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු පිරිසක් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අතුරු පෙත්සම ගොනු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button