දේශීය

රාජිතගේ නඩුවකට අධිකරණයෙන් නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම නොවැම්බර් මස 29 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

2019 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම, මරා දැමීම යන චෝදනා එල්ල කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළ බවට අමාත්‍යවරයා චෝදනා ලබා සිටියා.

මෙම නියෝගය අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

නමුත් නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ නඩු තීන්දුව සූදානම් නොමැති බවයි.

ඒ අනුව නඩු තීන්දුව නොවැම්බර් මස 29 වනදා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

2019 නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ජනාධිපතිවරණය පනත් සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button