දේශීය
ඉපැරණි බිතුසිතුවම් ඩිජිටල්කරණය කරයි
ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
එහි සමාරම්භය කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී සිදු වූ බවයි වාර්තා වන්නේ.
මේ හරහා ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි බිතු සිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝගත කර සහ ඡායාරූපගත කර සංරක්ෂණය කිරීමට නියමිතයි.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ අදාළ සංරක්ෂණය කරන ලද සිතුවම් බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කරන බවයි.
කෙසේ වෙතත් අදාළ බිතුසිතුවම් අඩංගු විහාරයට ද ඩිජිටල් පිටපතක් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.