දේශීය

ජාජබයට එරෙහිව තවත් පැමිණිල්ලක්

ජාතික ජන බලවේගය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස මැතිවරණ කොමිසම වෙත ලිපියක් බාර දී තිබෙන්නේ, සෑම ස්ථානයකම ජාතික ජන බලවේගයේ ඡන්ද මධ්‍යස්ථාන තිබෙන බවත්, මේවා ඉදිකිරීමට ඔවුන්ට මුදල් කොහෙන්ද යන්න සොයා බලා කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරමින්.

එලෙස ස්ථානයක් කුලියට ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් දහදාහක මුදලක් වැය වෙන බවයි ඔහු පවසන්නේ.

එම නිසා ඡන්ද ව්‍යාපාරය සඳහා ඔවුන්ගේ කළු සල්ලි භාවිතා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන ලේකම් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button