දේශීය

රනිල්​ගේ සහයට තවත් කෙනෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා පවසනවා.

විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ ජනපති රනිල්ට පමණක් බවයි ඔහු පවසන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැල්ලට ඡන්දය දුන්නත් රට කරවීමට ඔහු​ට පලපුරුද්දක් නොතිබුණු නිසා අරගලය හේතුවෙන් ඉවත්වීමට සිදුවීම නවක මන්ත්‍රවරයෙකු ලෙස තමන් අත්දැක්ක නරකම දේ බව​ත් කපිල නුවන් අතුකෝරල මහතා පවසනවා.

අරාජි​ත වෙද්දී රට භාරගත් එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුළ රට යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූ බවද කපිල නුවන් මහතා අතුකෝරල මහතා වැඩිදුරට​ත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button