විදෙස්

ඇන්ටෝනියෝ ගාසාහි මානුෂීය නීති උල්ලංඝනය කිරීම ගැන කනස්සල්ලෙන්

ගාසා තීරයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය පැහැදිලිව උල්ලංඝනයවීම පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සිවිල් වැසියන් “මිනිස් පළියක්” ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසු දකුණු ගාසා තීරයට බෝම්බ හෙළීම යන දෙකම තමා හෙළා දකින බව ඔහු පවසා ඇති බවයි.

ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරය “රික්තයක් තුළ සිදුවූවක් නොවේ” යැයි ගුටරෙස් මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ඉල්ලා අස්වන ලෙස පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඔක්තෝබර් මස 7 සිට මේ දක්වා ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පුද්ගලයින් 7,200 කට අධික පිරිසක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button