ඇපල් සමාගම නවතම iPhone නිෂ්පාදන පෙළ එළිදක්වයි
ලෝක ප්රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා තිබෙනවා.
ඒ, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max
මෙවර හඳුන්වාදුන් iPhone 15 වල සුවිශේෂි වෙනස්කම් දක්නට නොමැති අතර එහි සිදුව ඇති විශාලතම වෙනස්කම වන්නේ, lightning charging port වෙනුවට USB-C charging port වර්ගය හදුන්වා දීමයි.
මෙය පාරිභෝගිකයින්ගේ ජීවිතය පහසු කිරීමටත්, මුදල් ඉතිරි කිරීමටත් හදුන්වාදී ඇති බව විචාරකයින් පවසනවා.
කෙසේවෙතත්, ඇතැම් පුද්ගලයින් අනතුරු අඟවන්නේ මෙම පියවර ඉදිරි වසර කිහිපය තුළදී ඉවතලන කේබල් ඉහළ යාමට හේතුවක් වනු ඇති බවයි.
ටයිටේනියම් ආවරණයකින් සමන්විත වර්ණ කිහිපයකින් යුත් ඇපල් සමාගමේ මෙම නවතම දුරකතන පෙළ දීප්තිමත් තිර සහ වැඩිදියුණු කළ කැමරාවලින්ද සමන්විත වනවා.
ඇපල් සමාගම නිවේදනය කරන්නේ, iPhone 15 Pro එක්සත් රාජධානිය තුළ පවුම් 999 සිට ඉහළට මිල නියම වනු ඇති බවයි.
මේ අතර, ඇපල් සමාගම වඩාත් දියුණු චිපයක් සහිත නව Apple Watch මාලාවක්ද මේ සමගම එළිදක්වනු ලැබුවා.