දේශීය

ICC ඉහළම ගෞරව නාමයෙන් අරවින්ද පිදුම් ලබයි

මෙරටින් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙක් වන අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රීඩකයකුට පිරිනමන ඉහළම ගෞරවය වන Hall of Fame නාමයෙන් ඊයේ පිදුම් ලබා තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර ඊයේ මුම්බායි නුවර පැවති තරගය අතුරතුර අරවින්දට මෙම ගෞරව නාමය පිරිනැමී තිබුණා.

අරවින්ද සමඟ ඉන්දියාවෙන් බිහිවූ තවත් විශිෂ්ට පිතිකරුවකු වන විරෙන්දර් ෂෙවාග් සහ අසූව දශකයේ එරට කාන්තා ක්‍රිකට් පිටියේ දස්කම් පෑ තුන්ඉරියව් ක්‍රීඩිකා ඩයනා එඩුල්ජි ද Hall of Fame ගෞරවයට පාත්‍රවී තිබෙනවා.

Hall of Fame ගෞරවයට පාත්‍රවූ සිව්වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද වන අතර, ඔහුට පෙර මුත්තයියා මුරලිදරන් (2016), කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (2021) මේ ගෞරව නාමය දිනා ගනු ලැබුවා.

එමෙන්ම ඊයේ (15) සම්මානයට පාත්‍රවූ ඩයනා එඩුල්ජි වාර්තා අතරට එක් වූයේ Hall of Fame ගෞරවයට පාත්‍ර වූ පළමු ක්‍රීඩිකාව ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button