ආසියානු කුසලානය අහිමි වූ හැටි අර්ජුන රණතුංග කියයි
නිමාවූ ආසියානු කුසලානය සම්බන්ධයෙන් තමාටත් කුතුහලයක් ඇති බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසනවා.
අද (20) පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර එහි නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රවීණ ක්‍රීඩකයෙක් කථා නොකළ බවයි.
එහිදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා,
මටත් කුතුහලයන් කිහිපයක් ආවා. දැන් ඉන්දියාවේ ලේකම්තුමා තමයි ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති. බෝලයක්වත් ගහපු එකෙක් නෙමෙයි. හැබැයි පසුගිය තරගාවලියට එයා ඇවිල්ලා අපේ ක්‍රීඩාංගණයේ හිටපු සේවකයින්ට… ඔවුන් විශාල සේවයක් කරනවා. ඒක අද ඊයේ කරපු සේවයක් නෙමෙයි. අපි ක්‍රීඩා කරන කාලයෙත් ඔය ක්‍රීඩාංගණය විනාඩි 2න් 3න් වහනවා.
මම හිතන්නේ ඒ දක්ෂතාවය මේ ලෝකයේ කිසිම රටක නැහැ. ඒක තමයි කැපවීම. ඉන්දියානු සංචාර මේ රටට ආවා. තවත් සංචාර තිබුණා. වැස්සෙන් සමහර තරග සේදිලා ගියත් සමහර තරග ක්‍රීඩා කරන්න පුළුවන් වුණා. මේ සේවකයෝ හින්දා. හැබැයි කවදාවත් කිසිම කෙනෙක් මුදලක් දුන්නේ නැහැ.
ආසියානු ක්‍රිකට් සභාපතිවරයා.. ඉන්දියාවේ ලේකම්වරයා ඩොලර් 50,000 දෙනවා මේ සේවයින්ට දෙන්න කියලා. මම නම් හරි කැමතියි ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන මේ සල්ලි කාට හරි දෙනවා නම් හොරකම් කරන්නේ නැතුව. හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් අවසන් තරගයේ වීරයා එයත් දෙනවා එයාට ලැබුණු තෑග්ග මේ සේවකයින්ට.
මෙතෙක් කල් මේ සේවකයෝ හැමදාම සේවය කරලා තියෙනවා. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්වත් වැඩිපුර මුදලක් ගෙව්වේ නැහැ. ඒ වගේම තරග නීති මාරු කරනවා.. තරගාවලිය ඇතුළත. අපේ හිටපු කණ්ඩායම්වල එක ක්‍රීඩකයෙක්වත්, ලෝකයේ එක ක්‍රීඩකයෙක්වත් කථා කරන්නේ නැහැ… මේක වැරදි කියලා.
මොකක් හරි වාසනාවකට අපට අවසාන තරගාවලියට එන්න පුළුවන් වුණා. හැබැයි අපි හරියට බැලුවා නම් ඉන්දියානු පාකිස්තාන තරගය පළවෙනි දවසේ වැස්ස නැවතුනා නම් අපිට ගහන්න වෙන්නේ පාකිස්තානයත් එක්ක අවසාන තරගය. එහෙම වුණා නම් අපිට ඊට වඩා ලේසියෙන් ඔය තරගය දින්න පුළුවන්.
මෙන්න මේවා ගැන තමයි අපි හොයන්න ඕනේ. මම මේ ප්‍රශ්නාර්ථ ලකුණ මාධ්‍යට දෙනවා.. හොයලා ගන්න කියලා. මොකද නැත්නම් මමනේ හැමදාම වැරදිකාරයා වෙන්නේ.
මම දැක්ක. ඊයේ පෙරේදා දිගටම මේ ක්‍රීඩකයින්ට බනිනවා. නායකයාට බනිනවා. කාසියේ වාසියට බනිනවා. හැබැයි කවුරුත් තණ තිල්ල හදපු අයට බනින්නේ නැහැ. තණ තිල්ලේ වෙච්ච දේවල්වලට බනින්නේ නැහැ. නීති වෙනස් කරයි කියලා මොකුත් කියන්නේ නැහැ. හැබැයි අර තමන්ගේ ජීවිතේ ක්‍රිකට් ක්‍රීඩාවට මහන්සි වෙන ක්‍රීඩකයෝ… මම කියන්නේ නැහැ මේ ක්‍රීඩකයෝ කරන දේවල් හරි කියලා. ක්‍රීඩකයින්ගේ අඩුපාඩු තියෙනවා. මම දන්නවා විනය ප්‍රශ්න තියෙනවා. කැපවීම් ප්‍රශ්න තියෙනවා. ඒවා හදාගන්න දැනගන්න ඕනේ.
අපිට ඉන්න දක්ෂ දරුවෝ ටික විසි කරන එකේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඒ දරුවෝ ටික හරියට හදාගන්න. මම තාත්තා කෙනෙක් හැටියට මම දන්නවා මගේ දරුවා වැරැද්දක් කරනවා නම් අපි ගහලා හරි දරුවා හදාගන්න ඕනේ. බැනලා හදාගන්න ඕනේ.
පුෂ්පා කියයි.. වාස් කියයි. මම මේගොල්ලන්ට කොච්චර බැනලා තියෙනවාද ? බැන්නේ තරහකට නෙමෙයි හදාගන්න. අද වෙනකොට ඇයි එක ක්‍රීඩකයෙක්වත් කථා කරලා කියන්නේ නැත්තේ ආසියානු කුසලානයේදී මැදදි ඇයි නීති වෙනස් කළේ කියලා. ඉන්දයාව බලවත් කියනවා. ඉන්දියාව බලවත් කියලා අපිට අපේ රට පාවලා දෙන්න බැහැනේ.”