දේශීය
හමුදාව කොළඹ යුද භූමියක් කරගනී (වීඩියෝ)
මේ වන විටත් යුද හමුදාව විසින් කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.
ඒ අනුව සන්නද්ධ රථ යොදා ගනිමින් අද උදෑසන සිට කොළඹ නගරයේ ස්ථානීය මුර සංචාර ආරම්භ කළ බවයි යුද හමුදාව සදහන් කළේ.
එමෙන්ම විශේෂ බලකා යතුරුපැදි ඛණ්ඩය විසින් කොළඹ, පිටකෝට්ටේ, මිරිහාන, කිරුළපණ, කොල්ලුපිටිය ආදී ප්‍රදේශවල මුර සංචාර සිදු කරනු දක්නට ලැබෙනවා.
සාමකාමීව සංයමයෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
තවද, ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරන පිරිස් පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට දැඩි පියවර ගැනීමට සිදුවන බවයි හමුදාපතිවරයා සඳහන් කරේ.