ක්‍රීඩා
අරුණ දර්ශන ඔලිම්පික් අවසන් පූර්ව වටයට

අරුණ දර්ශන මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ, ඊයේ (04) පැවති මීටර් 400 මූලික වටයේ තරඟයෙන් තත්ත්පර 44.99 ක දක්ෂතාවක් දක්වමින් තුන්වැනි ස්ථානයට පත්වෙමින්.
මෙරට ක්‍රීඩකයෙකු එම ඉසව්වේ තත්පර 45ට අඩුවෙන් දක්ෂතාවක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස අරුණ දර්ශන සමත් වී තිබෙනවා.
එමෙන්ම මෙම ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා අරුණ දර්ශනයි.
ඒ අනුව ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.05ට පැවැත්වීමට නියමිතයි.
ඔලිම්පික් ඉතිහාසයේ මීටර් 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වනවා.