අස්ගිරි අනුනාහිමි මහින්ද රාජපක්ෂව ගෞරවාදරයට පාත්‍ර කරයි
නිදහස් නිවහල් රටක් බිහි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා කළ කැප කිරීම අප කවදත් ගෞරවයෙන් සිහි කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමියන් පවසනවා.
උන් වහන්සේ මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි ජන්ම දිනය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති දානමය පුණ්‍ය කර්මයේදී අනුශාසනාවක් සිදු කරමින්.
මහින්ද රාජපක්ෂ මහතා යනු මහා කැප්පෙටිපොළ විරුවා හා සම කළ හැකි අසමසම පුද්ගලයකු බවද උන් වහන්සේ සඳහන් කරනවා.
මෙහිදී මල්වතු මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රි විජිතසිරි නාහිමියන්ද අනුශාසනාවක් සිදු කළා.
මේ අවස්ථාවට මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි ඇතුළු මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි මහා සංඝරත්නයද, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා , හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා, කෙහෙලිය රඹුක්වැල්ල මහතා, සිරිපාල ගම්ලත් මහතා, තේනුක විදානගමගේ මහතා, අනුරාධ ජයරත්න මහතා, මහින්දානන්ද අලුත්ගමගේ මහතා, නාමල් රාජපක්ෂ යන මැති ඇමතිවරු සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.