දේශීය

රංගේ බණ්ඩාරගේ පුතාට ඇප

රිය අනතුරකට අදාළව කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා​ගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.

එහිදී ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනු​ව නඩුව යලි ලබන වසරේ මාර්තු 25වනදා කැඳවීමට නියමිතයි.

කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ  ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් තුවාල ලැබු ත්‍රිවිල් රථයේ රියැදුරු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button