දේශීය
උපුල් සන්නස්ගලට ඇප
සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතාව මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව කඳාන පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.