දේශීය
ආදර්ශා ට ඇප
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා .
ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් .
ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහ මහතාගේ රුපියල් මිලියන 100ක ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආදර්ශනී කරදන මහත්මිය ව ඊයේ (11)අත්අඩංගුවට ගනු ලැබුවා.